Sunday, September 28, 2025

57. Lithium සහ ඩිමෙන්ෂියාව

 ලිතියම් , පර්යේෂණාගාර තත්ත්ව යටතේ යොදා ගැනීම මඟින් මොළයේ ස්නායු ආරක්ෂා කරගැනීමට හැකියාවක් තිබෙන බව ළඟදී නිකුත් කළ පර්යේෂණ වාර්තාවක් ඔස්සේ ඉදිරිපත් වුනු අතර, ඒ ඔස්සේ යමින් ඩිමෙන්ෂියාව/ඇල්සයිමර් තත්ත්වයන් සදහා ප්‍රතිකාරයක් හෝ, එම තත්ත්වයන් අඩු කරගැනීමට හැකියාවක් ඇත්දැයි කතිකාවක් , සෞඛ්‍යය පර්යේෂණ ක්ෂේත්‍රය තුල සිදු වෙමින් තිබෙනවා.

එම තකිතාවක් වාසියට යොදා ගනිමින් , හෝ එම හදුනාගැනීම "වාණිජ ඉලක්ක" ලෙස යෙදා ගනිමින් විවිධ , තහවුරු නොකළ ලිතියම් සහිත යැයි කියන ඖෂධ ස්වභාවික හෝ විවිධ රටවල ඖෂධ ක්‍රම ලෙස මතුවෙමින් පවතී.

මිත්‍රවරුනි,

තවමත් ලිතියම් , ඖෂධයක් ලෙස යොදා ගනිමින් ඩිමෙන්ෂියාව සුව කළ හැකි බවට පර්යේෂණාත්මකව තහවුරු වී නැත. නමුත් පෙර කී ආකාරයේ වෙළෙන්දන් එවැනි ප්‍රචාර කළ හැකි අතර, ඒවාට රැවටී වෛද්‍ය අනුමැතියකින් තොරව එවැනි "ඖෂධයක් ලෙස රටේ සෞඛ්‍යය ආයතන මගින් තහවුරු නොකළ" ඔන්ලයින් බෙහෙත් ගැනීමෙන් වැලකීමේ වැදගත්කම් මතක් කරන්නේ,

ලිතියම් වල චිකිත්සීය මට්ටම සහ ධුලක (විෂ) වන මට්ටම අතර ඇත ඉතා සුළු පරතරයක් බැවින්, නිසි වෛද්‍ය අධීක්ෂණයක්/නීරික්ෂණයක් නොමැතිව, එම ඖෂධ හෝ ඔෂධ යැයි කියා ගන්නා ඔන්ලයින් බෙහෙත් ගැනීම ජීවිත අවදානම ඇති කළ හැකි නිසාවෙනි.

No comments: