Sunday, September 28, 2025

20. ඩිමෙන්ෂියා Screening Test ගැන-2

මේ මාතෘකාවෙන්ම මෙම පරික්ෂණ කිහිපයක් ගැන මීට පෙරත් අප කතා කළා. අද ඔබ වෙත ගෙන එන්නේ තවත් එවන්, ඩිමෙන්ෂියාව පිළිබඳ ඇති අවදානම හඳුනාගැනීමට එහෙම නැත්නම් අවදානම යොමු කළ යුතු තත්ත්වයේ සැක කිරීමක් කළ යුතුද කියන අදහස ගන්නට පුළුවන් පරික්ෂණයක්.

නැවතත් මතක් කරනවා, මෙම පරික්ෂණ සිදු කළ යුත්තේ, අදාල විෂය ගැන සෞඛ්‍යය විද්‍යානුකූල , වෘත්තීය දැනුමක් ඇති වෘත්තිකයෙක් විසින්. එවිටයි වඩාත් සාර්ථක අදහසක් ලබා ගත හැකි වන්නේ. නමුත්, එවැනි වෘත්තිය අත්දැකීමක් නැති අයෙක්ට වුනත් කියවා , විමසා යම් අදහසක් ලබා ගත හැකි නිසා මෙම ස්ක්‍රීන් ටෙස්ට් එක සටහන් කරනවා.

කරන්නේ මෙහෙමයි, මේ හැම ප්‍රශ්නයක් ඉදියේම ඉලක්කම් දෙකක් තියෙනවා. එයින් මුල් ඉලක්කම , අදාල ගැටළුවට පිළිතුර "ඔව්" වුනොත් සහ අනෙක් අංකය , අදාල ගැටළුවට ලැබෙන පිළිතුර "නැහැ" නම්. ඒ විදියට ප්‍රශ්න 21ම විමසීමෙන් සොයා බලලා , ලැබෙන ලකුණූ එකතු කරල බලන්න.

මුළු එකතුව

  • ලකුණූ 4 හෝ අඩු නම් තත්ත්වය සාමාන්‍යයි,
  • ලකුණූ 5 - 14 අතර නම් සොයා බැලිය යුතු මට්ටමේ අමතක වීමක් ඇත.
  • ලකුණු 15 හෝ ඊට වැඩි නම් , පමා නොකර සුදුසුකම්ලත් සෞඛ්‍යය වෘත්තිකයෙක් හමුවී, පවතින "අමතක වීමේ ස්වභාවය" ගැන වැඩිදුරටත් පරික්ෂා කරනවා ගත යුතුය.

මෙන්න ප්‍රශ්න 21,

  1. මෙම පුද්ගලයාගේ මතකය අඩුවීමක් ඇතිබව දැනේද? 1 / 0
  2. එසේ නම්, එම මතකය අඩුවීම වසර කිහිපයකට පෙර තිබූ තත්ත්වයට වඩා උග්‍රබවක් හඳුනාගනීද? 1 / 0
  3. එකම දිනක් තුල එකම ප්‍රශ්නය නැවත ඇසීම හෝ එකම කතාව නැවත නැවතත් ප්‍රකාශ කිරීම හඳුනාගත හැකිද? ? 2 / 0
  4. විශේෂිත අවස්ථා, උත්සව හෝ වෙලාවන් වෙන්කර ගැනීම් අමතක වන තත්ත්වයක් ඇත්ද සහ/හෝ ඒවා මතක් කිරීමට තවත් අයෙක්ට මැදිහත්වීමට සිදුවේද? 1 / 0
  5. තමන් පාවිච්චි කරන දේ සොයාගැනීමට නොහැකි වන ලෙස අස්ථාන ගත වීම් හෝ නැතිවීම් මාසයකට එක් වරකට වඩා සිදුවේද? 1 / 0
  6. තමන්ට අයත් දේ සොයා ගැනීමට නොහැකිවූ විය, එය වෙනත් කිසිවකු විසින් වෙනත් ස්ථානයට ගෙනයන, සොරකම් කරන හෝ සඟවන බව සැක කරනවාද? 1 / 0
  7. දිනය මාසය අවුරුද්ද හෝ වෙලාව ගැන හඳුනාගැනීම අපහසුතා ඇත්ද? හෝ දිනය තහවුරු කරගැනීම සඳහා කැලැන්ඩරය , හෝ පුවත්පතක් වැනි දේ යොදා ගනිමින් දවසකට එක් වතාවකට වඩා උත්සාහ කරයිද ? 2 / 0
  8. එතරම් හුරු තැනි තැන්වලදි, තමන් සිටිනා තැන , වටපිටාව හඳුනාගැනීමට නොහැකිවේද? 1 / 0
  9. නිවසින් පිටතදී, හෝ ගමනක් සංචාරයක් යත්දි වඩාත් නොසන්සුන් සහ ව්‍යාකූල බවක් පෙන්වයිද? 1 / 0
  10. මුදල් (කාසි සහ නෝට්ටු) පරිහරණයේදී ගැටළු, ව්‍යාකූලවීම් වේද? 1 / 0
  11. මුදල් ගණූ දෙනු , ගෙවීම් වලදී වැරදීම් , ගැටළු මතුවීම් සහ ව්‍යාකූල බවට පත්වේද? හෝ එම කටයුතු වලදී මතුවන ව්‍යාකූලත්වය සහ වැරදීම් නිසා, එම ආර්ථික කටයුතු පවුලේ වෙනත් අයෙකු වෙත පවරා ඇත්ද? 2 / 0
  12. කාළීනව ගන්නා ඖෂධ, බෙහෙත් පෙති ලබා ගැනීම අමතකවීම් දිගින් දිගටම සිදුවේද ? 1 / 0
  13. රිය පදවන්නේ නම්, අදාල පුද්ගලයාගේ රිය පැදවීම තුල වෙනදා නැති අවදානම් හැසිරීම් දකින්නට ලැබේද? හෝ වෙනදා කැමැත්තෙන් රිය පැදවූ පුද්ගලයා දැන් ඊට අකමැත්තක් දක්වන්නේද? (වෙනත් සෞඛ්‍යය හේතුවක් නිසා නොව) 1 / 0
  14. ජංගම දුරකථනය, දුරකථනය , දුරස්ථ පාලකය ඔ‍රලෝසුව වැනි නිවසේ සාමාන්‍ය ලෙස භාවිත කරන උපකරණ භාවිතයේදි වැරදි වන ප්‍රමාණය වැඩිද, සහ එම උපකරණ පෙර මෙන් භාවිත කිරීමට අපහසුතාවක් පෙන්වයිද ? 1 / 0
  15. වෙනත් සෞඛ්‍යය හේතුමක මත හැර, වෙනදා නිවසේ සිදු කළ සාමාන්‍ය අළුත්වැඩියා කටයුතු, එකළස් කිරීම කරන්නට නොහැකිද? 1 / 0
  16. ඇස් පෙනීමේ ගැටළු වැනි සෞඛ්‍යමය හේතු මත හැර, වෙනදා සිදු කළ සාමාන්‍ය දවසේ කටයුතු , පවුලේ කටයුතු කිරීමෙන් වැලකී සිටීමට උත්සාහ කරයිද ? 1 / 0
  17. තමන් පෙර දන්නා වටපිටාව, නිවස අවට ප්‍රදේශය , ගම තුල පවා අතරමං වන තත්ත්වයක්, පෙර දැන සිටි ස්ථාන පවා නොහඳුනන තත්ත්වයක් පෙන්වයිද ? 2 / 0
  18. තමන්‍ ගමන් කරන, සිටින, නිදාගෙන ඇහැරෙන දිසාව, පැත්ත ගැන අවබෝධය අඩු බවක් දැනේද ? 1 / 0
  19. නම් වලට අමතරව, වෙනත් වචන පවා මතක් කරගැනීමට හෝ හඳුනාගැනීමට අපහසු තත්ත්වයක් පෙන්වයිද? ඒ ඔස්සේ වෙනදා කතාබහ තුල තිබූ ගලායාම නැතිවී ඇත්ද? 1 / 0
  20. තමන් දැන සිටි, මිතුරන්, මෙන්ම පවුලේ සාමාජිකයන්ගේ නම් පවා වරදවා කියයිද, හෝ අමතක වන තත්ත්වයක් ඇත්ද? 2 / 0
  21. පෙර හඳුනා සිටි, දන්නා මිතුරන්, හුරුපුරුදු පුද්ගලයන් පවා හඳුනාගැනීමට අපහසු, හෝ නොහැකි තත්ත්වයක් පෙන්වයිද? 2 / 0

විශේෂ මතක් කිරීමක්- "මතක තබා ගන්න" , ඔබේ මතකය ගැන ගැටළුවක් හඳුනාගත්තොත්, එය "ඩිමෙන්ෂියාව" යැයි කළබල රෝග විනිශ්චයන් කරගන්නට යන්න එපා. හේතුව, "අමතක වීම" සඳහා බලපාන තවත් හේතු ගණනාවක් තිබෙනවා. ඉතාමත් බහුල , අද දවසේ සාමාන්‍ය තත්ත්වයක් තරමටම පත්ව තිබෙන කාංසාව, සහ ආතතිය නිසාත් අමතක වීම් වෙනවා. ඒ නිසා, යම් අවදානමක් හදුනාගත්තොත් , කළබල වීම නොව නිසි විමසීම සහ නිවැරදි තැනට යොමු වීමයි වැදගත් වන්නේ.

No comments: