ගැටළුවක් යොමු වෙලා තිබුණා මෙන්න මෙහෙම,
"මම ෆේස්බුක් පෝස්ට් එකක් දැක්කා නිදි මැරුවාම මොළේ සයිල වලට හාණියක් වෙනවා, ඒකෙන් මොළේ වයසට යනවා වගේ දෙයක් වෙනවා, ඒ හානිය නැවත යථා තත්වයට පත් කරගන්ඩ නම් ඒ නින්ද නැති වෙච්ච කාලයට සමාන කාලයක් නින්ද නැවත ලබා ගත්තම ඒක හරි යනවා කියලා.මට දැන ගන්ඩ ඕන මමත් මේකේ මුල හරිය අහලා තිබ්බත්, අන්තිමට මේකේ කියලා තියෙන දේ ඇත්තක්ද කියලා ඒ කියන්නේ "නින්ද නැති වෙච්ච කාලය නිදා ගත්තොත් නැවත ප්‍රශ්නේ හරි යනවද?"
මගේ අදහස්
මුලින්ම කියන්න ඕන , මේ යොමු කළ ගැටළුව හොඳ කතාබහක් වෙනුවෙන් ආරම්භයක්. ඒ වෙනුවෙන් ස්තුතියි.
දෙක, ඩිමෙන්ෂියාව සහ ආශ්‍රිත තත්ත්වයන් ගැන යම් තොරතුරු සමාජ මාධ්‍ය තුල දැන් දැන් පළ වෙනවා. ඒ ඔස්සේ, ලංකාව තුලත් මේ ගැන කතාවන අවස්ථා කිහිපයක් මාත් දැක්කා. සමහර අවස්ථා , කොහෙන් හෝ දැනගත් හෝ ලබා ගත් තොරතුරක් ඒ ආකාරයෙන්ම බෙදා ගැනීමක්, තවත් අවස්ථාවක යාවත්කාළීන දැනුමක් නැතිව බෙදාගත් අවස්ථා සහ තවත් අවස්ථාවක යම් වාණිජ අරමුණූ සහිතව සම්පුර්ණයෙන් නිවැරදි නොවන (ඒ කිව්වේ, යම් තරමක් නිවැරදි සහ තවත් වැරදි තොරතුරු ඇති) පෝස්ට්ස් තිබුණා.
ඔබ මේ විමසන ගැටළුව මෙන්න මේ විදියට, මගේ දැනුම සහ අද දවසේ සෞඛ්‍යය විද්‍යාත්මක පරිසරය තුල වැඩි පිළිගැනීමක් ඇති, හදුනාගැනීමක් ඇති තොරතුරු මත පදනම්ව කරුණූ කිහිපයක් එකතු කරන්නම්.
1) වයස සහ අනෙක් සෞඛ්‍යය තත්ත්ව මත පදනම්ව "ප්‍රමාණවත් නින්දක්" නොලැබීම , ස්ථිරවම පුද්ගලයාගේ සමස්ථ සෞඛ්‍යය තත්ත්වයන්ට සෘණ බලපෑමක්, හානිකර බලපෑමක් කරනවා. ඒ කිව්වේ, මොළයේ සෛල මියයනවා කියන එකම නොවෙයි, මොළයට විතරක් වන බලපැමක් ගැනත් නොවෙයි, සමස්ථ සෞඛ්‍යයටම. ( මේ නිදි කතාව ගැන "සිත් සුව අරණ"ට ලියන්න මේ ප්‍රශ්නයම හොඳ ආරම්භයක් කියල හිතුණා, බලමු වෙලාවක් තිබුණොත් එකතු කරන්නම්, ඔබේ අදහසුත් බෙදාහදා ගන්න එතැනදිත්)
2) "ප්‍රමාණවත් නින්දක්" නොලැබීම, මොළය තුල ක්‍රම කිහිපයකින් හානිදායක බලපැමක් කරන බව හදුනාගන්නවා. ඒ අතර, කාළයක් තිස්සේ "ප්‍රමාණවත් නින්දක්" නොලැබීම තුල ස්නායු සෛල මියයාමක් , දුර්වලවීමක් සහ ස්නායු අතර සම්බන්ධතා බිඳ වැටීමක් වෙන්නට පුළුවන් බව පර්යේෂකයන් හදුනාගන්නවා. ඒ වගේම, එම ස්නායු සෛල තුල පැවතිය යුතු "සමස්ථිතිය" ( දහයේ පන්තියේ විද්‍යාව පාඩම මතක් වුනා 🙂 ) බිඳ වැටීමත් ඒ නිසාම, සෛලයක ජීවිත කාළයට හානිකර බලපෑමක් සිදුවිය හැකියි.
3) අනෙක් අවස්ථාව තමයි, මොළය කියන්නේ අපේ දේහය තුල වැඩිම වැඩ ප්‍රමාණයක් කරන, ඒ නිසාම සෛල වලින් අපද්‍රව්‍ය , අතිරේක ද්‍රව්‍ය බැහැර කිරීමත් ඉහළ මට්ටමක තිබෙන පද්ධතියක්. හරියට මේ ලිපිය කියවන පරිගණකයේ ප්‍රොසෙසරයේ "අවශ්‍ය, ඉහළ ක්‍රියාකාරීත්වය නිසා රත් වෙනවා වගේ) මේ නිසාම, මොළය තුල "පිරිසිදු කිරීමේ" ක්‍රියාවලිය, එනම් මොළය තුල නිපදවෙත අතුරුපල, අපද්‍රව්‍ය, අතිරේක ප්‍රෝටීන් වර්ග අතුපතු ගාල, හෝදල පිරිසිදු කිරීමේ සංකීර්ණ ක්‍රියාවලියක් නිරන්තරයෙන් සිුදවෙනවා. ඒ සඳහා glymphatic system දවස පුරාම ක්‍රියාත්මක වුනත්, මොළයේ සෛල වල ක්‍රියාකාරීත්වය අඩු , විවේකී කාළ සීමාවේ තමයි මේ වැඩි වඩාත් සාර්ථකව සිදුවන්නේ. ඒක හරියට, අර ඔෆිස් ක්ලීන් කරන අය, කාර්යාල වේලාවෙන් පස්සේ අදාල අතුපතු ගෑම් පිරිසිදු කිරීම් කරනවා වගේ) . එතැනදි , "නින්ද" හරිම වැදගත්. මොකද, ඒ වෙලාව තමයි අර ඔෆිස් එකේ "කාර්යාල වෙලාවෙන්" පසු කාළ සීමාව හරියට හවස හතරෙන් පස්සේ වගේ කියමු. ඉතින්, මේ "පිරිසිදු කිරීමේ කාර්යය" වැඩි ක්‍රියාකාරීත්වයක් දක්වන, එහෙම නැත්නම් එසේ වීමට අවශ්‍ය "නින්ද" ප්‍රමාණවත් ලෙස නොලැබීම තුල සිදුවන්නේ, මේ "මොළය පිරිසිදු කිරීමේ" කටයුත්ත නිසි ලෙස හෝ ප්‍රමාණවත් ලෙස සිදු නොවීම. මේ නිසා, තාවකාලිකව පසු දිනයේ ඇති වන වෙහෙස, හිතේ බර ගතිය, කල්පනා කරන්නට, තීරණ ගන්නට ඇති අපහසුව වගේ "තාවකාලික" අපහසුතා වල සිට, දිගු කාළීන බලපෑම් ඇති කරමින්, ඉවත් කිරීමට නොහැකි වුනු "කුණූ කසල, අතිරේක ද්‍රව්‍ය" මොළයේ සෛල අතර , සෛල වලට කෑම බීම දෙන පාරවල් වල ගොඩගැසීම නිසා, ඩිමෙන්ෂියාව වගේ නැවත හැරවිය නොහැකි බලපෑම් දක්වා යන්නටත් පුළුවන්.
4) කෙසේ වෙතත්, "ප්‍රමාණවත් නින්දක් නොලැබීමේ" හානි පර්යේෂණාත්මකම හදුනා ගෙන ඇතත්, ඒ "නිදි ණය" පියවීම පිණිස පසු කාළීනව වැඩිපුර නිදා ගැනීම (මතක විදියට මේ අදහසට භාවිත වුනු වචනයත් "sleep debt") , "සිදුවූ හානිය" නිවැරදි කරන බව සාර්ථක ලෙස ඔප්පු කිරීමට ප්‍රමාණවත් හදුනාගැනීමක් තවමත් ස්නායු පර්යේෂණ ක්ෂේත්‍රය තුල එතරම් හදුනාගන්නට නැහැ. නමුත්,පහුගිය "නිදි ණය" පූරණය කරනවා වෙනුවට, "හානිකර නොවන" මට්ටමට , අවම තරමේ "හොඳ, ප්‍රමාණවත් නින්දක්" ලබා ගැනීම එම පුද්ගලයාගේ කායික මානසික තත්ත්වයට යහපත් බලපෑමක් කරනවා. නමුත්, පෙර ප්‍රමාණවත් නින්දක් නොලැබීමෙන් සිදුවූ හානිය තුල ඇති "නිදි ණය" පියවීමට හිතාගෙන අනවශ්‍ය තරමට , සෞඛ්‍යායානුකූල නොවන තරමට නිදාගන්නට උත්සාහ කිරීම නම් අනවශ්‍ය සෞඛ්‍යය ගැටළු ඇති කරන්නට පුළුවන්.
5) මේ නිසා,පහුගිය කාළය තුල වැඩි ලෙස නිදිවැරීම සිදුවීම තුල සිදුවූ හෝ සිදුවූවායැයි සැක හිතන හානිය ගැන අනවශ්‍ය ලෙස සිතීමට වඩා, කළ යුතු හොඳම ක්‍රමය ලෙස යෝජනා කරන්නට පුළුවන් වන්නේ, වයස, සෞඛ්‍යය තත්ත්වයට අදාලව ලැබිය යුතු "ප්‍රමාණවත් සුවදායී නින්දක්" ලබා ගැනීමට කටයුතු කිරීමයි. මේ සඳහා පුද්ගලික ජීවන රටාව තුල කළ යුතු වෙනස්කම්, නිදා ගන්නා පරිසරය තුල පවත්වා ගත යුතු තත්ත්ව , වගේම, "නින්දේ වැදගත්කම්" ගැන තමන්ගේ අවබෝධය හරිම වැදගත් කියල මට හිතෙනවා.
ප්‍රශ්නයට ප්‍රමාණවත් හෝ අඩුම තරමේ මේ ගැන හොයා බලන්නට යොමු වීමක් වන තරමේ අදහස් කිහිපයක් ඔබට ලැබුණා යැයි හිතනවා. ස්තුතියි මෙවන් ගැටළු කතාබහ කරන්නට එකතු වීම වෙනුවෙන්. ඒ වගේම, සමූහය තුල අනෙක් මිතුරන්ටත් යෝජනා කරනවා, එන්න කතා කරන්න, එන්න ඔබේ අත්දැකීම්, ඔබේ දැනුම බෙදා ගන්න. මොකද, දැනගෙන සිටීම වගේම, දැනුම බෙදා ගැනීමත් හරිම වැදගත් වන නිසා.
No comments:
Post a Comment