මේ ගෲප් එක තුල අප බහුලව කතා කරන මතකය අඩුවීමේ අවදානම සීමා කරන, එහෙම නැත්නම් බුද්ධිමය හැකියාව, මතකය දියුණූ කරන උපක්‍රම කිහිපයක් ගැන කතා කරන්නයි , අද උත්සාහ කරන්නේ. මෙම ක්‍රියාකාරකම් ද්වි-කාර්ය ක්‍රියාකාරකම් එහෙම නැත්නම් Dual-Task Activities ලෙස හදුන්වනවා. (මෙයම ශාරීරික ව්‍යායම විෂය තුලදී Simultaneous Cognitive and Exercise Training (SCET) ලෙසත් හදුන්වා දෙනවා)
මෙතැනදී සිදුවන්නේ, සංජානනීය ක්‍රියාකාරකමක්, එනම් බුද්ධිය මතකය ආශ්‍රිත ක්‍රියාකාරකමක් සහ ශාරිරික ක්‍රියාකාරකමක් එකවර, දැනුවත්ව සිදු කිරීමයි. (Dual-task activities are combined cognitive and physical activities performed intentionally and simultaneously.) උදාහරණයක් විදියට, නර්තන අනුපිළිවෙල මතක් කරගනිමින් , නර්තනයේ යෙදීම , ඇවිදින අතරේ ගණිත ගැටළුවක් විසඳීම වගේ අවස්ථා. මෙම DTAs වල වැදගත්කම සහ එය බුද්ධිමය/සමර්ණමය සෞඛ්‍යය (සංජානන සෞඛ්‍යය- Cognitive health) යහපත්ව පවත්වා ගැනීමට හේතුවන ආකාරය පිළිබඳ පර්යේෂණ ගණනාවකින් පෙන්වා දී තිබෙනවා. අපි මේ ආකාරයට "කළ හැකි" DTAs ගැන වෙනම ලිපියකින් කතා කරමු. .
මෙම DTAs ප්‍රයෝජනවත් ලෙස කිරීමට නම් ඒ තුල අවශ්‍යතා හතරක් තිබිය යුතුවෙනවා.
- එම DTA තුල අභියෝගයක් දෙන, බුද්ධිය/මතකය/ස්මරණය පිළිබඳ සංජානනමය සෞඛයය ක්‍රියාකාරකමක් (Cognitive health component with a challenge.)
- එම DTA තුල ව්‍යායාමය හෝ ශාරීරික වෙහෙසවීමක් වන ක්‍රියාකාරකමක් (Physical component) අනර්ගත විය යුතු අතරේම,
- එම ක්‍රියාකාරකම් දෙකම, එම පුද්ගලයාගේ "දැනුවත්බව මත" intentionally,
- එම ක්‍රියාකාරකම් දෙකම, එකම කාළ සීමාවත් තුල එකවර simultaneously
සිදුවිය යුතුවෙනවා.
මෙලෙස සිදුවන DTA මගින්, එම පුද්ගලයාගේ සංජානන සෞඛ්‍යයට (එනම මතකය, ස්මර්ණය, බුද්ධියට අදාල සෞඛ්‍යයට) වාසි වන හෝ වාසි සිදුවීමට හේතුවන යැයි හදුනාගත් හේතු කිහිපයක් තිබෙනවා.
ඒවා නම්,
මෙලෙස එකවර, කායික සහ බුද්ධිමය ක්‍රියාකාරකම් දෙකක් එකවර සිදුවීමේදී, ඒ වෙනුවෙන් මොළය තුල සිදුවන ක්‍රියාවලිය තුල මොළයේ ස්නායුක ක්‍රියාකාරකම් "සක්‍රිය වීම සහ ශක්තිමත් වීමත්", මෙම එක්වීම් තුල අළුත් ස්නායුක පථ එනම්, මතකය, බුද්ධිය වගේම ස්මර්ණයට වැදගත්වන මොළයේ ස්නායු අතර අළුත් සම්බන්ධතා තැනීමත් (neural pathways and neuroplasticity) වැඩිවීම.
මෙම බැදුනු ක්‍රියාකාරකම් ඔස්සේ , මොළය තුල මතකය රඳවා ගැනීමේ හැකියාව, සෛල ප්‍රමාණය එහෙම නැත්නම් "cognitive reserve," එක වැඩිවීමක් සිදුවීම,
මෙම කායික සක්‍රිය ක්‍රියාකාරකම් සමඟ මොළය වෙහෙසීම තුල, මොළය තුල රුධීර ගමනාගමනයේ සිදුවන සක්‍රිය වීම තුල , මොළය තුල සෛල වලට ලැබෙන ඔක්සිජන් ප්‍රමාණය , ආහාර ප්‍රමාණය වැඩිවීම තුල එම සෛල වල ක්‍රියාකාරීත්වය, සක්‍රිය බව ඉහළ නැගීම, ලෙස, මේ පිළිබඳ පර්යේෂණ කරන කණ්ඩායම් හදුනාගනිමින් සිටිනවා.
අද දවසේදී , සායනික පරිසරය තුල ක්‍රියාකාරකමක් ලෙස මෙම DTA යොදා ගන්නා අප දකිනවා, මෙම ක්‍රියාකාරකම් මගින්, මතකය, බුද්ධිමය හැකියාව තුල ගැටළු පවතින සේවාලාභීන් තුල සිදුවන වාසිදායක වෙනස්වීම්.
කෙසේ වෙතත්, මෙම DTAs අළුතින්ම යම් අයෙකුට හදුන්වා දෙනවා නම් හෝ ඔබ උත්සාහ කරනවා නම් වැදගත් කරුණූ කිහිපයක් අනුගමනය කිරීම, වඩාත් සාර්ථක ප්‍රතිපල සඳහා උදව් වේවි.
1) ආරම්භයේ එකතු කරගන්නා, ශාරීරික ක්‍රියාකාරකම (Physical activity) සහ cognitive activity (සංජානන ක්‍රියාකාරකම) සරළ, පහසු මට්ටමින් ආරම්භ කර, දින හෝ සති කිහිපයක් ඔස්සේ ඒවායේ අභියෝගකාරී බව ක්‍රමයෙන් වැඩි කරගන්න.
2) එක් ක්‍රියාකාරකමක් අඩුම වශයෙන් විනාඩි විස්සක්වත් සිදුවිය යුතු අතර, සතියකට අවස්ථා තුනකදීවත් DTA ආකෘතිය පවත්වා ගනිමින් කළ යුතු වෙනවා.
3) DTA සඳහා එකතු කරගන්නා, ක්‍රියාකාරකම් වරින්වර වෙනස් කරමින් පවත්වා ගැනීම , මෙය කරන්නට කැමැත්තක් ඇති කරන ක්‍රියාකාරකමක් බවට පත් කරනවා
4) සාර්ථක ප්‍රතිපල "හදුනාගැනීම" සඳහා අඛණ්ඩව (දිනකට විනාඩි විස්ස බැඟින්, සතියකට අවම වාර තුනක් ලෙස) මාස කිහිපයක සිට ඉදිරියට පත්වාගත යුතු වෙනවා.
දැන් ලිපිය නිමා කරන්නට පෙර,
ඔබට ක්‍රියාකාරකමක්...
ඒ, මෙහි සඳහන් ලෙස ඔබට කළ හැකි DTAs කිහිපයක් නම් කරන්න.
(ඒ ක්‍රියාකාරකම තුල, සංජානනමය , ශාරීරික කොටස් දෙකම අන්තර්ගත විය යුතු වගේම, ඒ දෙකම, එම පුද්ගලයා/ඔබ දැනුවත්ව, එකවර කළ හැකිවිය යුතු වෙනවා.)
No comments:
Post a Comment