Sunday, September 28, 2025

2. Dementia 101- ඩිමෙන්ෂියාව හඳුන්වාදීම

ඩිමෙන්ෂියා ගැන සරළව , දැන ගත යුතුම තොරතුරු කතා බහ කරන්නට ඉස්සර වෙලා, අපි , දැනට අපි මේ ගැන දන්නා දේ ටිකක් හොයල බලමුද?

ඔව්, සමහර විට අපි මේ ගැන කිසිම දෙයක් දන්නේ නැතිව ඇති, සමහර විට ටිකක් දන්නවත් ඇති. සමහර කෙනෙක්, ඒ ගැන හොයන්න කැමැත්තෙන් ඇති. මේ හැමෝටම හරියන්නත් එක්ක, ගමනට ආරම්භයත් එක්ක, මෙන්න මේ ප්‍රශ්න පත්තරේට උත්තර හොයමුද? කැමති නම් උත්තර ටික කොමෙන්ට් කරන්න, නැත්නම් ඔබම සටහන් කරගන්න. වැරදුනා කියල පන්තියෙන් එළීයට යන්නේ නෑ, කවුරුවත් ඔබව මනින්නෙත් නෑ, මේක අපේ තැන, අපි එකතු වෙලා අත්දැකීම දැනුම බෙදාගනිමු. 

මෙන්න ප්‍රශ්න පත්තරේ , හරි ලේසියි උත්තර දෙන්න.

පහත වගන්ති කියවලා නිවැරදියි (True) හෝ වැරදියි(False) ලකුණූ කළාම ඇති

( බලන්න එතැනත් 50%ක් හරියන්න පුළුවන්නේ 😃)

  1. අද දව‍සේ දියුණූ වෛද්‍ය ප්‍රතිකාර ඔස්සේ ඩිමෙන්ෂියාව සුව කළ හැක
  2. ඩිමෙන්ෂියා යනු තනි රෝග තත්ත්වයක් නොවන, ලක්ෂණ ගණනාවක එකතුවකි.
  3. ඩිමෙන්ෂියාව, මානසික රෝගයකි.
  4. ඇල්සයිමර් රෝගය, කාන්තාවන්ට පමණක් ඇති වේ.
  5. ඩිමෙන්ෂියාව සමඟ ජීවත් වන්නෙකු, මානසික අවපීඩනයේ ලක්ෂණ පෙන්විය හැක.
  6. ලංකාවේ ඩිමෙන්ෂියා තත්ත්වය තවමත් නැත.
  7. පවුලේ අයෙක් ඩිමෙන්ෂියා තත්ත්වයෙන් පෙළේ නම් අනිවාර්යයෙන්ම රෝහල් ගත කර ප්‍රතිකාර කළ යුතුමය.
  8. නිදිවැරීම ,ඩිමෙන්ෂියා තත්ත්වය ඇති වීමට බලපෑ හැක.
  9. වියපත්වීමේ එක් අවස්ථාවක් ලෙස ඩිමෙන්ෂියාව ඇතිවීම සිදුවේ.
  10. ඩිමෙන්ෂියාව සමඟ ජීවත්වන අයෙක්ට සියල්ල අමතක වුවත්, තම නම අමතක නොවේ.

පිළිතුරු ඊළඟ ලිපියෙන්.

ඔබ කැමති නම් පිළිතුරු , ප්‍රශ්න අංකය සහ T හෝ F ලෙස සටහන් කරන්න. නැත්නම් ඔබ සටහන් තබා ගන්න. අපි බලමු විභාගේ පාස්ද කියලා .

No comments: